Skip to content
මහවැලි ගඟ
ශ්‍රී ලංකාවේ දගම ගංගාව වන මහවැලිය සමනල කන්ද මුදුනේ සිට සිය ගමන අරඹයි. 335 km පමණ දිගකින් යුතු මහවැලි නදිය දුන්හිඳ , රාවණා ඇල්ල, රම්බොඩ ඇල්ල, නවරත්න ඇල්ල වැනි දිය ඇලි තනමින් ගමන් කර ත්‍රිකුණාමලයෙන් සයුර හමුවෙයි. කොත්මලේ,වික්ටෝරියා, රන්දෙණිගල, මාදුරු ඔය ආදී ජලාශවලට දියවර සපයන මහවැලිය, එමඟින් ජල විදුලිය නිපදවීමට එක් වන්නේ මහවැලි කලාපයේ දස දහස් සංඛ්‍යාත කෙත් වතු ද සරුසාර කරමිනි.
කැලණි ගඟ
සමනල කන්දෙන් ඇරඹී කොළඹින් මුහුදට වැටෙන තෙක් 145 km ක පමණ දුරක් ගමන් කරන කල්‍යානි නදී තොමෝ ද ලක්දිව ප්‍රධාන ගංඟාවක් ලෙසින් ලෝක ප්‍රකටය. ලක්ෂපාන ඇල්ල, ඕලු ඇල්ල, ඇබර්ඩීන් ඇල්ල ආදී ලොකු කුඩා දිය ඇලි වල සුන්දරත්වය වැඩිකරනට කැලණි ගඟ දිය උදව් වේ. පරකැලේ, ඉඹුලාන ආදී ජලාශ කැලණි ගඟ ආශ්‍රිතව නිර්මාණය කර ඇති අතර, ලාංකේය විදුලි නිශ්පාදනයට විශාල දායකත්වයක් සපයන ලක්ෂපාන බලාගාරය ද කැලණි ගං දියෙන් පෝෂිතය.
වළවේ ගඟ
රුහුණු පොළොවේ පස තෙත් කරමින් ගලා බසින වළවේ ගඟ ද සමනල කඳු මුදුනේ සිට ගලා බසින්නකි. දිගින් 138 km ක් පමණ වන වලවේ ගඟ ආශ්‍රිතව උපදින දූලි ඇල්ල, ගැරඬි ඇල්ල මෙන්ම බඹර කන්ද ඇල්ල ද ශ්‍රී ලංකාවේ අලංකාරය දෙගුණ තෙගුණ කරවයි. චන්ද්‍රිකා වැව, රිදියගම වැව, උඩවළව ජලාශය ද වලවේ නදිය ආශ්‍රිත ව තනවන ලද විස්මිත නිමැ
කළ
කළු ගඟ රත්තපුර දිස්ත්‍රිකයට අයත් සමනළ අඩවියේ ඉදිකටුපාන අසලින් ආරම්භ වී කළුතර දිස්ත්‍රික්ය හරහා මුහුදට ටැටෙයි.ජල වහන ප්‍රදේශයේ විශාලත්වය හා වාර්ශික ලබන ජලස්කන්ධය අතින් දෙවැනි වන්නේ මහවැලි ගඟට පමණි.කළු ගඟේ ජලවහන ප්‍රදේශයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 2690 ක් වේ.ගංගා ධාරයට වාර්ශිකව ලැබෙන වැසි ජල ප්‍රමාණය අක්කර අඩි 962500 කි.එය වාර්ශිකව මුහුට ගලා යන ජලස්කන්ධය අක්කර අඩි 616000 කි.කළු ගඟ දරැණු ජල ගැලීම් සම්බන්ධව නරක ප්‍රසිද්ධියක් උසුලයි.
බෙන්තරගඟ
දකුණු පළාත සහ බස්නාහිර පළාත වෙන් කෙරෙන සිමාව සේ සැළකෙන්නේ බෙන්කර ගඟයි.දිග කිලෝමිටර් 72 කි.මෙහි අවට ප්‍රදේශය සංචාරක ව්‍යාපාරය සදහා ඉතා දියුණු තත්ත්වයක පවතී.
අඔන් ගඟ
අඔන් ගග මහවැලි ගංගාවේ පහළ කොටසේදී එයට එක් වන ප්‍රධාන අතු ගංගාවයි.ආරම්භ වන්නේ නාලන්ද සහ මාතලේ කදු වලිනි.වේගයෙන් ගලන ගඟක් නොවේ.එහි ගමන් මග වංගු සහිතයි.මෙහි පහළ කොටසේ කුඩා වැලි දුපත් ඇත.
නිල්වලා ගඟ
සිංහරාජ කදු වැටියේ දකුණු පසින් පිහිටි ගොන්ගල කන්දෙන් ගලන ජල ධාරාවන්ගෙන් නිල්වලා ගඟ ආරම්භ වෙයි.දිග කිලෝමිටර් 81ක් වේ.නිල්වලා ගගේ ජලවහන ප්‍රදේශය වර්ග කිලෝමීටර් 960 ට අයත්ය.මෙහි ප්‍රදානම අතු ගංගාව දිගිළි නදී ගගයි මෙය මාතර නගරයෙන් මුහුද ට එකතු වේ.
රත්නපුර දිස්ත්‍රිකයේ මාතර දිස්ත්‍රිකයත් අතර මායිමේ පිහිටි මිටර් 1400 පමණ උසයි .ගොන්ගල නැමති කන්දෙන් ගිං ගඟ ආරම්භ වේ.ගමන් මගේ මුලු දුර ක්ලෝමිටර් 113 ක් පමණ වේ.
මැණික් ගග
ඌව පළාතේ කදු වැටිවල දකුණු බෑවුමෙන් ආරම්භ වි රැහුණු වනෝද්‍යානය හරහා ගොස් යාල නම් ස්ථානය හරහා මුහුදට වැටේ.දිග කිලෝම්ටර් 114 කි.මැණික් ගග අසබඩ පිහිටි කතරගම පුදබිම නිසාu එය පුජනීයත්වයට පත් වී ඇත.අවුරැද්දේ වැඩි කාලයක් මැණික් ගඟ වතුර අඩුවෙන් ගලා බසියි.